සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා සඟ පෙරමුණ පා ගමනක


(හසිත රංග ගුණතිලක)

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය වහාම ලබා දෙන්නැයි ඉල්ලමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි බුදු පිළිම වහන්සේ අභියසදී අද (20) අධිෂ්ඨාන පූජාවක නිරත වූහ.

අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය එෆ්.ආර් සේනානායක මාවත ඔස්සේ පා ගමනින් කොළඹ 07 නිදහස් චතුරස්‍රයට වැඩම කළහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)