සටන් විරාමය මැද පෝලියෝ එන්නත් දෙයි


එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන  සහ ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් එකමුතු වෙමින්, ගාසා තීරයේ දරුවන් 6,40,000කට පෝලියෝ එන්නත් කිරීමේ මේ වනවිට ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එන්නත්කරණ වැඩසටහන බාධාවකින් තොරව කරගෙන යෑමට ඊශ්‍රායල හමුදා සහ හමාස් සංවිධානය තාවකාලික සටන් විරාමයකට ද එකඟ වී තිබීම විශේෂත්වයකි. එන්නත් දීමේ මූලික වැඩසටහන යටතේ, ගාසා හි අල් නසාර් රෝහලේදී දරුවන් 10 දෙනෙකුට ඊයේ (30) පෝලියෝ එන්නත ලබාදී දීමට ද කටයුතු කෙරුණු බව පැවැසිණි.

වසර විසි පහකට පමණ පසු ගාසා තීරයේ දරුවන් අතර පෝලියෝ වසංගතය පැතිර යමින් පවතින අතර, එය වළක්වාගැනීමට නම් අවම වශයෙන් අවුරුදු 10ට අඩු දරුවන්ගෙන් සියයට 90 ක් කෙටි කාලයක් තුළ ප්‍රතිශක්තිකරණය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයත්, යුනිසෙෆ් සංවිධානයත් පවසා තිබේ.