සත්‍යග්‍රහයට එජාප මන්ත්‍රීවරු පිරිසක් ද එක්වෙති


(ශාන්ත රත්නායක) 


‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත  ස්ථපිත කර  අඛණ්ඩ සත්‍යග්‍රහය  කරනවා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා  සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසළ පැවති සත්‍යග්‍රහයට එක්වෙමින් අද( 22) පැවසීය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ කියා සිටියේය.                        
“ ව්‍යවස්ථානුකුල ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි. එය පැහැදිලිව කරලා නැහැ. ඒ නරක පුර්වාදර්ශයක්. රටේ බුද්ධිමත් ජනතාවගේ සහයෝගය මේ අරගලයට.  මේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් නෙවෙයි. සෝභිත හිමියන් පටන් ගත්ත යහපාලන ප්‍රතිපත්ති අනුව මේ රට පාලනය කළ යුතුයි” යනුවෙන්ද පැවසීය.

එහිදී  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට එක වුහ.

මීට එරෙහි මහජන පෙත්සම ද අත්සන් කිරීම අද සිදු කෙරිණි.