පිටපිට පස්වෙනි වතාවටත්, ලෝකයේ වඩාත් සතුටින්ම ජීවත් වන ජනගහනයක් වෙසෙන රට ලෙස ෆින්ලන්තය කිරුළු දරා සිටී.
ෆින්ලන්තය මෙසේ කිරුළු දැරුවේ, 2022 වර සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි.
2022 ලෝකයේ සතුටින්ම සිටින රටවල් දර්ශකයේ පළමු වැනි ස්ථානය ෆින්ලන්තය දිනා ගනිද්දී, දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් සිවුවැනි, පස්වෙනි සහ සය වැනි ස්ථාන පිළිවෙලින් ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් වෙත හිමිවී තිබේ.
මෙම දර්ශකය සඳහා රටවල් 150 ක පමණ ජනමත සමීක්ෂණ අනුව පුද්ගලයන්ගෙන් දත්ත ලබා ගෙන ඇති අතර, එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන දර්ශකය මෙම වසරේ 10 සංවත්සරය සැමරීය.
මෙම දර්ශකයේ ලෝකයෙම අවධානය යොමු වී ඇති යුක්රේනයට හිමිවී ඇත්තේ 98 වැනි ස්ථානයයි. 2022 වසරේ ලෝකයේ සතුටින්ම සිටින රටවල් දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 127 වැනි ස්ථානයයි.
දළ දේශීය නිෂ්පාදනය,වැසියන්ගේ ආයු අපේක්ෂා කාලය, ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලී බව,රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු පදනම් කර ගනිමින් දර්ශකය සඳහා රටවල් වලට ලකුණු ලබා දීම සිදු කරයි.
අවසන් ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිව තිබෙන අතර ඉන්දියාව 136 වෙනි ස්ථානයේ පසුවෙයි. ඇමෙරිකාව 19 වැනි ස්ථානයටත් බ්‍රිතාන්‍යය 17 වැනි ස්ථානයටත් පත් ව ඇත.
(රොයිටර්)