සන්ධාන නායකයෝ මැතිවරණ කොමසාරිස් හමුවෙති


(සුජිත් හේවාජුලිගේ)

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නැයි අද (17) ඉල්ලීමක් කළහ.

පළාත් මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැටය ලිහිය හැක්කේ පාර්ලිමේන්තුවට යැයි දේශප්‍රිය මහතා ඒ ගැටය කැපිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවද ප්‍රකාශ කළේය.

මැතිවරණ ‍කොමිසමේ සභාපතිවරයා මෙසේ පැවැසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් තමා හමුවීමෙන් පසුව  ඒ පිළිබඳව ජනමාධ්‍යවේදීන්ට කරුණු දක්වමිනි.

ඡායාරූප  සහ වීඩියෝ- ඉෂාන් සංජීව