සපුගස්කන්ද අවට නිවාස කළුතෙල් මුසු ජලයෙන් යට වේ


(ඩයනා උදයංගනි)

දැවි තෙල් මිශ්‍ර ජලය සපුගස්කන්ද අවට නිවාසවලට ගලා යාම නිසා එම නිවෙස් වැසියෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන  ටැංකි තුළට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.

දැවි තෙල් සහිත ජලයෙන් ඇතැම් නිවාස අඩි ගණනක් යටවී තිබූ අතර බීමට ජලය ගන්නා ළිංවලට ද එම ජලය මුසු වි ඇතැයි ද තෙල් පිරිපහදුව අවට පිරිස කියති.

ඒ හේතුවෙන් අවට පරිසරයට ද දැඩි හානි සිදුව ඇතැයි ද වාර්තා වෙයි.

ඡායාරුපය ශාන්ත රත්නායක