සබරගමුව සරසවියට නව ගොඩනැගිලි සංකීර්ණයක්


(ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට මුලපුරමින් ඒ සඳහා  මුල් ගල් තැබීමේ අවස්ථාව අද(27) උත්සවාකාරයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පැමිණ සිටි පිරිස සමරු ඵලකය නිරාවරණය කරමින්, මුල්ගල තබමින් එම කටයුත්තෙහි යෙදුණු අතර, ආරාධිත පිරිසට තිළිණ ලබාදීම ද සිදුකෙරිණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත්  අමරතුංග , අධ්‍යාපන ලේකම්  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක, හිටපු උපකුලපතිවරු, තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය අසංග අමුපිටියාවත්ත, පීඨාධිපතිවරු සහ පරිපාලන කාර්ය මණ්ඩලය  ඇතුලු පිරිසක් මෙයට එක්ව සිටියහ.