සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි


 


(නිමල කොඩිතුවක්කු)
 
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ අද(9) විවෘත කෙරිණ.
 
සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුලූ පක්ෂ නායකවරු මෙම අවස්ථාවට එක්වූහ.
 
සෑම පොහෝ දිනකම විපක්ෂනායක කාර්යාලයේ පැවති පෝ දින ධර්ම දේශනාව අද පස්වරු  4.00 ට එම කාර්යාලයේදි පවැත්වීමට නියමිතව ඇත.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)