සමනලවැව හිඳෙයි


(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)

 

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සමනලවැවේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා ජලාශයට යටවූ කිංචිගුණේ ගම්මානයේ වරකාවෙල වෙල්යායත් කිංචිගුණේ විහාරස්ථානයත් මතුව තිබේ.

සමනලවැව ජලාශයට වතුර පිරවීමෙන් පසු මේ ආකාරයට වතුර අඩුවූ පළමු අවස්ථාව මෙය බව ප‍්‍රදේශවාසීහු කියති.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ සමනලවැවේ ජලමට්ටම  මුහුදු මට්ටමේ සිට මීටර් 132ක මට්ටමේ දැන් පවතින බවත් එය මීටර් 124 දක්වා එනම් මීටර් අටකින් පහළ ගියහොත් සමනලවැවේ ජල විදුලිය නිපදවිය නොහැකි බවත්ය.

වතුර අඩු නිසා මතුව ඇති කිංචිගුණේ විහාරස්ථානයේ තිබූ චෛත්‍යය කිසියම් පිරිසක් විසින් නිධන් සෙවීමේ අරමුණු ඇතිව හාරා ඇති බවද ප‍්‍රදේශවාසීහු කීහ.

සමනලවැවේ ජල මට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා වැව ආශ‍්‍රිතව කෙරෙන මිරිදිය ධීවර කර්මාන්ත කටයුතුවලට ද බාධා එල්ලවී ඇතිබව මිරිදිය ධීවර දෙපාර්තමේන්තුව පවසයි.