සම්බෝධි මහා විහාරයේ කඨින පිංකමට අගමැතිත් යයි


කොළඹ 07  ශ්‍රී සම්බෝධි  මහා විහාරයේ  වාර්ෂික කඨින මහා පිංකම   සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය . 


මල්වතු මහා විහාරයේ  මහා නායක අඹේවෙල පඤ්ඤාසාර හිමියන් වෙත  මහින්ද රාජපක්ෂ මහතා  කඨින චීවරය පුජා කළේය.


 මෙම අවස්ථාවට  හිටපු  ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා සහ  ශිරන්ති රාජපක්ෂ  මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

පිංකමෙහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.

 

( ජයමාල් චන්ද්‍රසිරි)