සයිනොෆාම් දෙවැනි මාත්‍රාව දීම අරඹයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (8) ආරම්භ කෙරිණි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේදීද එන්නත් ලබාදීම සිදුකෙරිණි
.

එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට සති හතරකින් දෙවන මාත්‍රාව ලබාදෙන අතර එය ලබාදෙන ස්ථානය හා වේලාව කෙටි පණිවුඩයක් මගින් අදාළ පුද්ගලයින්ට දැනුම් දීම සිදුවේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)