(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ ශාස්ත්‍රීය දීමනා පහත හෙලා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන්ගෙන් අහිමි කළේ ඇයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
"අධ්‍යාපන උපකරණ සඳහා වැට් බදු ඉවත් කරන බව මැතිවරණ වේදිකාවේ කිව්වා. ඒ දේ සිදු නොකළේ ඇයිදැයි මා ප්‍රශ්න කරනවා.එදා දවසේ කියූ දේවල් අද ක්‍රියාත්මක කරන ආකාරය දෙස බැලූ විට ලොකු පරස්පරතාවයක් තියෙනවා.අධ්‍යාපන මාපිය කැපකරු ක්‍රමයක් අරඹා ලොව ධනමතුන් සම්බන්ධ කරගෙන රජයේ අයවැයෙන් වෙන්වන මුදලට අමතරව අධ්‍යාපනයට තවත් මුදල් ලබා ගන්න අලුත් ක්‍රමයකට පිවිසෙන්න.
රජයෙන් වෙන් කරන මුදල් ගැනම පමණක් කතා කිරීමෙන් ඵලක් නැහැ.පාසල් උපකරණ වලින් වැට් බදු ඉවත් කිරීමට තවමත් ප්‍රමාද නැහැ. රැකියා විරහිත උපාධිධාරීන් 35000-40000 ක් පමණ ඉන්නවා.උපාධිධාරීන් 35000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න බවට මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. නමුත් අයවැය කතාවෙන් එවැනි දෙයක් කියා නෑ යැයි අපි පක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.