සරසවි වරම් ලැබූ ලාබාල සිසුවා ඇගැයේ


(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ ​සහ  සුදත් පුබුදු කීර්ති )

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වරම් ලැබූ  මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගැනීමේ උළෙලක් අද  පෙරවරුවේ එම විද්‍යාලයේදී පැවැත්විණි

මෙම සිසුවා විශ්ව විද්‍යාලයට වරම් ලැබු ලාබාලම සිසුවා ද වේ.

විද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින් මෙම උළෙල සංවිධානය කරනු ලැබිය.

එහිදී විදුහල්පති එන්. ජී.රන්බණ්ඩා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවා ගෙන ආ අයුරු හා එයට සහභාගී වු සිසුන් ඇතුළු මවුපියන් ද මෙහි දැක්වෙයි.

ඒ අනුව දෙවුම් සනහස් රණසිංහ සිසුවා මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදැරීම සදහා තේරී ඇත.

දෙවුම් සිසුවා ගම්පහ දිස්ත්‍රික් වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම ද නියෝජනය කර තිබේ.