සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි


(ඉන්දිකා රාමනායක)

වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ආරක්ෂක වළල්ලක් ලෙස පෙළ ගැසුණු පොලිසිය එම පා ගමන නතර කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් අවට මාර්ගවල සුළු වාහන තදබදයක් දක්නට ඇත.

(ඡායාරූප ළහිරු හර්ෂණ)