සරසවි සිසුවාගේ පිහි පහරින් සිසුවිය මරුට


(ඉන්දිකා රාමනායක සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවකු  තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ  ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි.

ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතාද එම පිඨයේම සිසුවෙක් බවද පොලිසිය පවසයි

සිද්ධියෙන් පැය තුනකට පමණ පසු ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන කොලොන්නාව වැල්ලම්පිටිය චිත්තම් පහුව පදිංචි තරුණයකු බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කරන පිහිය ද මේ වන විට සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි .

ඒ අනුව, සැකකරු කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ප්‍රශ්න කොට ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව පැවසේ.


ඡායාරූපය (බුද්ධික කුමාරසිරි)