සරසවි සිසුහු කොටුව දුම්රියපොළ අසළ විරෝධතාවයක


 

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(24) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැන් පැවැත්වේ.
 
පාසල් සිසුන්ගෙන් මුදල් අයකිරීමට විරෝධය පාමින් අධ්‍යාපනයට 6%ක් වෙන් කරන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ නිරත වෙති.  
 
මරදාන ටෙක්නිකල් හන්දියෙන් පාගමන ඇරඹි විරෝධතාකාරුවෝ මේවනවිට කොටුව දුම්රියස්ථානය ඉදිරිපිට රැඳී සිටිති.
 
විරෝධතාව හේතුවෙන් අවට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතී.
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)