සරසවි සිසුහු මාදු ගඟේ කඩොලාන සිටුවති


 

(එම් .සුසිල් ප්‍රියන්ත)

පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සිසුහු මාදු ගඟේ දූපත්වල ගං ඉවුරුවලින්  තුරන් වී ගිය දුර්ලභ ගණයේ කඩොලාන වර්ග යළි රෝපණය කිරීමට අද (11) පියවර ගත්හ.

කරන්දෙණිය මුත්තෙට්ටුව මාදු ගඟ වෙරළ පරිසර මධ්‍යස්ථානාධිපති පරිසරවේදී නලීන් ප්‍රසන්න මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේය.

රටේ විවිධ ප්‍රදේශවල සරසවි සිසුහු මේ අපුරු පරිසර සත් ක්‍රියාව කිරීමට කරන්දෙණියේ මුත්තෙට්ටුව ගම්මානයට පැමිණියහ.

එසේ පැමිණි ඔවුහු මාදු ගඟේ දූපත් කරා මෝටර් බෝට්ටුවලින් ගොස් දූපත්වල ගං ඉවුරුවල කඩොලාන පැළ රෝපනය කළහ.

රෝපණය කිරීමට අවශ්‍ය කඩොලාන පැළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙනු ලැබීය. දූපත්වලට මෝටර් බෝට්ටුවලින් යන සිසුන්ගේ ජීවිතාරක්ෂාව සදහා ද නාවික හමුදාවේ ජීවිතාරක්ෂකයින් යොදවා තිබිණි.

දිවයිනේ විශ්ව විද්‍යාලවල සිසුවෝ 70 ක් මේ සඳහා එක්ව සිටියහ.