සරුංගලයත් සමග තරුණයා අහසේ පාවී යයි - වීඩියෝ


 

(රොමේෂ් මධුෂංඛ)

විශාල ප්‍රමාණයේ සරුංගල් පහක් එකට ගැට ගසා කඹයට ආදාරයෙන් සරුංගල් යවමින් සිටි යාපනය පේදුරුතුඩුව පූලෝලි ප්‍රදේශයේ තරුණයකු එම සරුගංල් සමග අඩි 40ක් පමණ ඉහළ ආසේ පාවි ගොස් ඇතැයි වාර්තා වෙයි.

තරුණයන් පිරිසක් එක්ව සරුංගල් පහක් පමණ එකට ගැට ගසා යවන්න සූදානම් වත්ම එකවර ආ විශාල කුනාටුවකට අසුව එක් සරුංගලයක් පාවි ගොස් ඇත. එම සරුංගලය බැඳතිබූ කඹට අල්ලාගෙන සිටි තරුණයා ද එම සරුගංලය සමග පාවි ගොස් ඇත.  

ඔහු සමග සිටි අනෙක් තරුණයන් දැඩි පරිශ්‍රමයක් යොදා කඹය ඇද ඇති අතර ඉහළ අහසේ පාවෙමින් සටි තරුණාය අඩි 10ක් පමණ පහළට ගෙන ඇත. ඒ අවස්ථාවේ තරුණය කඹය අතහැර බිමට පැන ඇතැයි වාර්තා වෙයි.