සවනක් රැස් විහිදෙයි යළි කූරගල


(ලසන්ත නිරෝෂණ පෙරේරා)

ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන අසදිස සාක්‍යසුගත මහ සෑ මලුවේ නිදන් වස්තු තැන්පත් කිරිමට පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශණාවක් පෙරදින රැය පහන්වන තුරු පැවැත්විණි.

අඩි 125 ක් උසැතිව කුරගල මහා සෑය කොත්පළඳවීම ජාතික වෙසක් අත්සවයට සමගාමිව වෙසක් පුර පසළොස්වක පොහෝදා පැවැත්වීමට නියමිතය.

සබරගමු පළාතේ ඉදිකෙරෙන ව්ශාලතම චෛතය වන  කූරගල චෛත්‍යය දිස්ත්‍රික්ක හයකට  දර්ශනය වන බව කුරගල ගොඩනැංවිම භාර වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .

ඓතිහාසික වටිනාකමක් ඇති කූරගල රජමහා විහාරය මේ වන විට නැවත බෞද්ධ ජනතාවගෙත් මුලුමහත් ලෝකයාගෙත් ගෞරවාදරයට පත්වෙමින් පවතින බව ො වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පැවසුහ.