(මහින්ද නිශ්ශංක)
සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.
සහල් හිඟයට විසදුමක් වශයෙන් රජය පසුගිය 4 දා සිට පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් අතර ඒ අනුව ආනයනකරුවන් ඊයේ (8) වනවිට සහල් මෙට්‍රික් ටොන් 115000 ක් පමණ සහල් ආනයනය කර තිබූ බව රේගුව පවසයි.
සහල් ආනයනය කිරීමට ලබා දී තිබෙන කාලය හෙටින් අවසන් වීමට සතියකට පමණ පෙර සිටම සහල් ආනයනය කිරීම නතර කළ බව ආනයනකරුවෝ පැවසූහ.
මේ අතර රජය වෙනුවෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ද සහල් මෙට්‍රික් ටොන් 980 ක් ආනයනය කර තිබූ අතර තවත් මෙට්‍රික් ටොන් 5200 ක් ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණි.