(යොහාන් භාසුර)
කළුතර මහ රෝහලට ආනයනය කළ රුපියල් කෝටි 15ක් පමණ වටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාස එකහමාරක පමණ කාලයක් රේගුවේ රඳවා තබාගෙන සිටීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය එය නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් නොකිරීම බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (25) පැවසීය.
සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් රෙගුවෙන් නිදහස් කර ගැනීමට නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අනිවාර්ය බවත් මීට පෙර ආනයනය කළ මෙවැනිම යන්ත්‍රයක් අවශ්‍ය ලියකියවිල ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මාස ගණනක් රේගුවේ රඳවා ගැනීමට සිදුවූ බවත් අරුක්ගොඩ මහතා කීය.
අදාළ යන්ත්‍රය වරායට ළඟා වූ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ලියකිවිලි ඉදිරිපත් කරන්නේ නම් රේගු දෙපාර්තමේන්තුවෙන් ප්‍රමාදයක් නොවන බව කී සීවලී අරුක්ගොඩ මහතා එම ප්‍රමාදයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම ගතයුතු බවද සඳහන් කළේය.