ස්ථානාධිපතිවරුන් විසි අටකට මාරු


(ගයාන් සූරිය ආරච්චි)

පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.

ඒ ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදිය.

ඒ අනුව ගාල්ල, පානදුර, හක්මන, මාතර, තිරිකුණාමලය, වීරවිල, ඌරගස් මං හන්දිය, මාතලේ, රුවන්වැල්ල, කෑගල්ල ඇතුළු පොලිස් ස්ථාන සහ අපරාධ කොට්ඨාශ වල ස්ථානාධිපතිවරුන්ට මෙසේ ස්ථාන මාරු ලබා දී ඇත.