(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝගී සිව් මහල් නිවසක හිමිකරුවකු තවත් පුද්ගලයකු සමඟ කාලයක් තිස්සේ සිදු කරගෙන ගිය ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ පරිගණකයක් , ප්‍රින්ටරයක් , ලැමිනේටින් යන්ත්‍රයක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් , ව්‍යාජ ආදායම් බලපත්‍ර , විදේශ වීසා පිටපත් අධ්‍යාපන සහතික පාඨමාලා සහතික ඇතුළු විවිධ ව්‍යාජ සහතික පත්‍ර තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් වටලා අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී එක් හැදුනුම්පතක් ව්‍යාජ එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ සුල මුල අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.