ස්විස් පුරවැසි ලාංකිකයා කනගරායන්කුලමේදී මරා දමලා


(  සිතුම් චතුරංග)

ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි පුද්ගලයකු වවුනියාව, කනගරායන්කුලම, සින්නඅඩම්පන් ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී පොලු මුගුරුවරින් පහරදී  ඝාතනය කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා ස්ටිස්ටර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයකු වන අතර දින කිහිපයකට පෙර  පෙර තමන්ගේ උපන්ගම වන වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයට නිවාඩුවක් ගතකිරීමට සහ කෝවිල් කිහිපයක භාර ඔප්පු කිරීම  පැමිණි අයකු බව පොලිසිය සඳහන් කළේය.

පෙරේදා දින පැමිණි කිසියම් පිරිසක් විසින් මියගිය පුද්ගලයාගේ හිසට යකඩ පොලු වලින් පහරදී ඝාතනයකර ඇති බව පොලිසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ වවුනියාව, නෙඩුන්කේනි, වෙඩිවෙත්තකල්ලු ප්‍රදේශයේ පදිංචි සෙල්ලදුරෙයි නිමලනාදන් නමැති 66 හැවිරිදි පුද්ගලයෙකුවේ