(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
නව වසර උදාව සමරමින් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව ප්රදේශයෙ පදිංචි (19) හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි.
මෙම තරුණයා තවත් කිහිප දෙනකු සමඟ ඊයේ( 31 ) රතිඤ්ඤා පත්තු කරමින් නව වසරේ උදාව සමරමින් සිටියදී මිතුරන් කිහිප දෙනකුගේ ආරාධනයෙන් පොල්ගස්ඕවිට හල්පිට ප්රදේශයේ නිවසකට ගොස් එහි පැවති සාදයකට සහභාගී ඇති බව පැවසේ.
එහිදී තරුණයන් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වී ඇති අතර එහිදී පැමිණ සිටි මිතුරන් එක්ව ප්රතිකාර සදහා වෑතර දිසා රෝහලට ඇතුළක් කිරීමෙන් පසුව එක් තරුණයකු (01) දා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.