සාමයේ අසිරිය රැගෙන නත්තල උදා වෙයි


 

(ඩයනා උදයංගනී සහ විමුක්ති එස් රුද්‍රිගු)

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල මීට සුළු මොහොතකට පෙර උදාවිය.

මෙරට කිතුණු බැතිමත්හු නත්තල් උදාව මහත් ප්‍රීතියෙන් එක්ව සිටිති.

කිතු උපත සිදුවූ මොහොත සිහි ගන්වමින් සෑම දේවස්ථානයකම පාහේ මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාවන් පැවැත්විණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහභාගී වූ දේව මෙහෙය තේවත්ත, ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.

කොවිඩ් 19 වළක්වා ගැනීමේ මාර්ගෝපදේශ අනුව නත්තල් දේව මෙහෙයන් සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණි.

මීට අමතරව කොළඹ නගරය ඇතුළු දිවයින පුරා නගර මෙන්ම දේවස්ථාන සියල්ලක්ම පාහේ නත්තල් සැරසිලිවලින් අලංකාරවත් කර තිබිණි. බෙත්ලෙහෙමේ ගව හලකදී සිදුවූ ජේසු සමිඳානන්ගේ උපත සිහිපත් කෙරෙන නත්තල ඉකුත් වසර දෙකෙහිදීම වෙනදා මෙන් සමරන්නට කිතුණු බැතිමතුන්ට අවස්ථාව නොලැබිණි.

ඒ 2019 වසරේදී සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇතිවූ අවදානම් තත්වය හේතුවෙන් සහ 2020 වසරේදී කොවිඩ් වසංගතය දැඩි ලෙස පැතිරයාම හේතුවෙනි.

(ළහිරු හර්ෂණ )

විමුක්ති එස් රුද්‍රිගු)

හැටන් සිරිකුරුස දේවස්ථානය (සුදත් එච්.එම්.හේවා)

එච්.චන්දන