(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පහු බැස ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ අයවැය විවාද වල ආදායම වැඩි කරන මාර්ග ගැන ලොකු කතා කිව්වේ නැහැ.පොහොසත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ දේශීය නිෂ්පාදනය කරන කිරි, බිත්තර, පාසල් උපකරණ, කෘෂි උපකරණ, පොහොර ආදී දේ රැසක් සඳහා වැට් බදු බිංදුව කරන බව මැතිවරණයේදී පැවසුවා.මේවා අහලා ගොඩක් මිනිස්සු ඡන්දෙ දුන්නා.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත් සීයට පහළොවක බද්දක් ගහලා.ආණ්ඩුවේ පොරොන්දු එකින් එක අද වන විට කැඩී ගිහින්. අද වනවිට මහ බැංකුව වෙනුවට බටලන්ද ගෙනත්. ඒක වෙන අතක යනවා.
ලක්ෂ 68ක් ටිකට් ගත්තේ සිංහබාහු බලන්න.නමුත් පෙන්නන්නෙ අන්දරේලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.