සිරිපා වන්දනා සමය නිමවා සමන්දේව ප්‍රතිමාව වැඩම කරවති


( ලසන්ත නිරෝෂණ පෙරේරා )                

මෙවර සිරිපා වන්දනා සමය චාරිත්‍රානුකූලව  ඊයේ නිමවු අතර සිරිපා උඩමළුවේ තැන්පත් කර තිබු සාධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරාස්ථානයට වැඩම කරවීම අද  (8) සිදු කෙරේ .  

රන් සිවිගෙය සහිත විශේෂ රථ දෙකකින් එම වැඩම කරවීම නල්ලතන්නියේ සිට සිදුකෙරිණි.

අද  උදෑසන  එම කටයුතු ආරම්භ විය. පස්වරුවේ දි පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සමන් දේවමන්දිරයේ ආරක්ෂිත කුටියේ දේව ප්‍රතිමා තැන්පත් කිරීමට නියමිතය .                                

ශ්‍රී පාදස්ඨානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා මත රටේ පවතින වාතාවරණය නිසා සීමිත කණ්ඩායමක් පමණක් සහභාගී කරවාගෙන  මෙවර සිරිපා වන්දනා සමය අවසන් කිරීමේ චාරිත්‍ර ඉටුකෙරිණි.


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)