ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් (CBL) නව්‍යකරණයන් ඔස්සේ වෙළෙඳපොළේ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීම සඳහා Microsoft සමග අත්වැල් බැඳගනිමින් නව තාක්ෂණික සහ සංවර්ධන ක්‍රමවේද භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.
මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම අන්දමින් නව තාක්ෂණය වෙත මාරුවීම සඳහා තම තොරතුරු තාක්ෂණ කණ්ඩායම වෙත ඊට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශේෂඥ දැනුම ලබාදීමට CBL සමාගම, Microsoft Azure විශේෂඥයන් සමග සමීපව කටයුතු කිරීමට පියවර ගත්තේය.
මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් සිලෝන් බිස්කට් ලිමිටට් සමාගමේ සමූහ අධ්‍යක්ෂ රසිත් වික්‍රමසිංහ මහතා මෙලෙස සිය අදහස් පළ කළේ ය. Microsoft Azure සමග අපගේ ගමන සැබැවින්ම පරිවර්තනීය ගමනක්. මෙම බලගතු Cloud සේවාව වෙත මාරුවීම අපගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කරනවා පමණක් නොව නවෝත්පාදනය සහ වර්ධනය සඳහා නව හැකියාවන් විවෘත කර දෙනවා. මෙය හුදෙක් මූල්‍යමය වාසි පමණක් ලැබෙන පියවරක් නොවෙයි. මෙමගින් අපගේ වෙළෙඳපොළ පැවැත්ම ශක්තිමත් වන අතර, පාරිභෝගිකයන් වෙත වැඩි වටිනාකම් රැගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා. Microsoft සහ එහි හවුල්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම මේ ගමනේදී අපට අතිශයින් වැදගත් වුණා. ඉදිරියටත් ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට අපගේ නිෂ්පාදන විශිෂ්ටත්වය ගෙනයාමට අප බලාපොරොත්තු වෙනවා.”
595