(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අද (4) වැඩ භාර ගත්තේය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ,විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ .
සුනිල් ජයරත්න මහතා වසර 37 ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු සේවය කර ඇති අතර , ඔහු වසර තුන හමාරක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කළ කීර්තිමත් නිලධාරීවරයෙකි.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි .