සී.බී. ප්‍රවාහන රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ අරඹයි


ප්‍රවාහන රාජ්‍ය ඇමැති සී.බී.රත්නායක මහතා අද (9)  ප්‍රවාහන අමාත්‍යංශයේ දී සිය රාජකාරි ආරම්භ කළේය.

ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ආරුමුගම් තොන්ඩමන් සහ සී.බී. රත්නායක මහතාගේ පවුලේ ඥාතීහු මේ සඳහා එක්වුහ.
 
ඡායාරූප - ගයාන් අමරසේකර