සීතලෙන් බේරෙන්න ගිනි මැල දල්වති


(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය හා තලවකැලේ නගර හා වතුකරය ආශ්‍රිතව අධික සීතලක් ඊයේ (08) රාත්‍රියේ පැවැති අතර, මේ හේතුවෙන් බොහෝ පිරිස් ගිනිමැල දල්වාගෙන රාත්‍රීය පහන් කරනු ලැබීය.

උඩරට වතුකරය ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 06 - 08 ත් අතර අගයක පැවැති අතර, මේ හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට ලක් වු බොහෝ පිරිස් ගිනිමැල දල්වාගෙන රාත්‍රිය පහන් කරන අයුරු දක්නට ලැබිණි.

පවතින අධික සීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම කුඩා ළමුන්, වයෝවෘද්ධ පිරිස්, මෙන්ම විවිධ රෝගවලින් පීඩා විදින ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්විය.