සීමා මායිම් නැති සංචරණ සීමා


(නිමන්ති රණසිංහ)

සංචරණ සීමා පනවා තිබියදී අද  දින විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ නගරයට අද  උදෑසන 6.30 - 9.30 දක්වා වු කාලයේ සිට ඇතුළු වූ වාහන සම්බන්ධයෙන් සංගනනයක් කළ බවත්, මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය හා පෑලියගොඩ නගර ආශ‍්‍රිතව එම සංගනයනය සිදුකළ බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයන් සඳහා ආයතන ප‍්‍රධානීන් විසින් නිකුත් කර ඇති ලිපි කිසිදු විධිමත්භාවයක් නොමැති බවට එම සංගනනයේ දී අනාවරණය වී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

අදාළ ලිපිවල ඉලෙක්ට්‍රොනික පිටපත් හි ඡායාරූප 1000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයා අද දිනයේ දී රාජකාරී කරන්නේ ද යන්න සොයාබැලීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කළේය.

(ඡායාරූප ශාන්ත රත්නායක)