(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැළඳවීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පළඳවනු ලැබීය.
කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම දෘශ්‍යාබාධිත සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්ගේ සුභසාධනය ඇතුළු පහසුකම් සැලසීමට යොදවන බව එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ ලේකම් චමෝද් නයනානන්ද මහතා ඇතුළු එම සංගමයේ නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.