(මහින්ද නිශ්ශංක)
පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.
පසුගිය දිනවල රුපියල් 250 - 260 වශයෙන් පැවති සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 235 දක්වා පහත බැස ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
විශේෂයෙන් ඩොලරයේ අවප්රමාණය වීම සුදු සීනි තොග මිල අඩුවීමට හේතු වී ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කරති.
මේ අවස්ථාවේ සුදු සීනි තොග මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබා දිය යුතු බව ආනයනකරුවෝ සදහන් කරති.