සුනාමි ඛේදවාචකයේ ප්‍රධාන සැමරුම පැරෑලියේදී


 (ඡායාරූප - ප්‍රදීප් පතිරණ)

(ඡායාරූප - සිරංගිකා ලොකකරවිට)

(සිරංගිකා ලොකුකරවිට)

සුනාමි ඛේදවාචකයට වසර 15ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රධාන සැමරුම් උත්සවය අද(26) හික්කඩුව පැරෑළිය සුනාමි ස්මාරකය අසළදී පැවැත්විණ.

එහිදී රැස්ව සිටි පිරිස සුනාමි ඛේදවාචකයෙන් මියගිය ඥාතීන් සිහිකර ස්මාරකයට පුෂ්පෝපහාර ද දැක්වූහ.
 
සුනාමි රළපහරට හසුව අනතුරට ලක්වූ දුම්රිය මගීන් සිහිකරමින්, එම අවස්ථාවේ පැමිණි දුම්රිය තෙල්වත්තේ නවත්වා දුම්රිය රියදුරු, නියාමකවරු ඇතුළු පිරිස දුම්රියෙන් බැස ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වූහ.
 
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද මියගිය අයගේ ඥාතීහු ද ප්‍රදේශවාසීහු ද එක්ව සිටියහ.


 

වීඩියෝ -දීපාල් ද සිල්වා