(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)
ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද (10) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමෙන් කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි කොට්ටාව අන්තර් හුවමාරු පාලක මධ්‍යස්ථානය කියයි.
එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
කොළඹ ප්‍රදේශයේ සමාගමක ඉංජිනේරුවන් ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට වැඩමුළුවක් සිදුකිරීම සඳහා යමින් සිටියදී කැබ් රථයේ මෙම හදිසි ගිනි ගැනීම ඇතිවී ඇත
ගින්න සැලවූ වහාම විනාඩි කිහිපයක් තුළදී ගිනි නිවීමේ රථ එම ස්ථානයට කැඳවා ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය කියයි
කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බව පොලිසිය සැක කරයි.
ඡායා ශාන්ත කුලරත්න
ඡායා බිමල් ශ්‍යාමන්