සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට


(නිමල කොඩිතුවක්කු)

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට බඩු මිල වැඩි වී උහුලා ගත නොහැකිව අසීමිත පීඩනයකින් අසහනයකින් රටේ ජනතාව ජීවත් වන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

ආණ්ඩුව අත්‍යාවශ්‍ය ආහාරවලට බදු ගසන බවත් සමහර අයට වේල් තුන කන්න බැරිව එක වේල පවා කන බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.