සුව රැකවරණ මැද අපි යමු ඉදිරිය ට


කුමට ද බියව රට වනසන රකුසෙකු        ට

සුව රැකවරණ මැද අපි යමු ඉදිරිය           ට 

(පද ආරියසේන හඳුවල)

(රංජන් කස්තුරි)

රජයේ සහ අනුබද්ධ පාසල්වල ඉගැන්වීම් කටයුතු අද සාමාන්‍ය පරිදි ආරමභ වූ අතර සිසු දරුවන් ඉතා උනන්දුවකින් පාසල්වලට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

බොහෝ පාසල්වල අද එන්නත් කරණ වැඩසටහන පැවැති අතර වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කෝවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුවිය.

පාසල්වලට සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම ඉතාම සාර්ථකව තිබූ බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

පැපිලියාන සුනේත්‍රාදේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් අද සෞඛ්‍යාරක්ෂිතව හා දුරස්තභාවය රකිමින් ඉගෙනුම කටයුතුවල නිරතව සිටි අයුරු

(ඡායාරූප ළහිරු හර්ෂණ)