සුසිල් නිල රථය බාරදී රෝද තුනෙන් ගෙදර යයි - වීඩියෝ


 

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) උදෑසන එම අමාත්‍යාංශයට ගොස් තමාට ලැබී තිබූ නිල රථය හා භාණ්ඩ යළිත් භාරදුන්නේය. 

නිල රථය භාරදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තම ආරක්ෂක නිලධාරියකු ද සමඟ ත්‍රිරෝද රථයක නැගී ඉන් පිටව යනු දක්නට ලැබිණි.

''වාහන භාරදීලා දැන් මම ත්‍රීවීල් එකේ ගෙදර යනවා. යළිත් උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා වාහනයක් ගන්නවා. ඒවා හොරකම් කර ගන්නා ඒවා නෙවෙයි" යැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අවස්ථා‍වේ පැවසීය.