සුහද මාරුවටත් මැකො අනුමැතිය ඕනේ


(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන  රාජකාරී  සුහද  මාරුවීම් සඳහා  අනුමැතිය  ලබාගැනීමට පැමිණෙන  නිලධාරින් සහ සේවකයන්ගෙන්   මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගොස් ඇතැයි වාර්තාවේ.

මැතිවරණ කාල සීමාවේදී කෙරෙන  රාජකාරී  සුහද  මාරුවීම්  සඳහාද මැතිවරණ කොමිෂන් සභාවේ  අනුමැතිය  ගත යුතුවේ

සුහද මාරු සඳහා   සීයත් දෙසීයක් අතර සංඛ්‍යාවක්  මැතිවරණ කාර්යාලවලට දිනපතා   පැමිණෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  ආනන්ද රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන පැමිණෙන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන් සුහද මාරු බලාපොරොත්තු වන අයට  දැනුම් දෙන හෙයින්  කොමිසමට  රාජ්‍ය සේවකයන්  මෙසේ දිනපතා පැමිණෙන බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව සියලු  කරුණු  සලකා බලා සුහද  මාරුවීම්  සදහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට කටයුතු කරන බව කොමිසම පවසයි.