(චන්දන හෙන්දුරුගොඩ)
පුත්තලම ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාවත් සමග හමා ගිය සුළගින් විශාල ගොඩනැගිලි රැසකට අළාභ හානී සිදු වී ඇති බව පුත්තලම අපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි.
මේ අතරින් පුත්තලම නගර සභාවට අයත් නව ළ නගර ශලාව , පුත්තලම කලපු තීරයේ ඇති පොදු වෙළද මධ්‍යස්ථානයේ වහල , කරඹ ගාමන්ට් හි වහල , පාලවිය පිහිටි පෞද්ගලික ලුණු සමාගම් දෙකක වහල්වල් මේ අකාරයෙන් සුළගින් විනාශ තිබේ. පුත්තලම නගරයේ වාහුන අළුත් වැඩියා කරන ස්ථාන දෙකකද වහලවල් සුළගට ගොස් තිබේ.
පුත්තලම නගර සභාවේ සතු නව වායු සමනය කල නගර ශලාවේ පාඩුව ලක්ෂ ගණනාවක් විය හැකි බවයි පුත්තලම නගර සභා ලේකම් ප්‍රීතිකා මහත්මිය සහදන් කරන්නේ.