සෙම්බුවත්ත යළි විවෘතකරයි



(මහේෂ් කීර්තිරත්න)
 
කොරොනා තත්වය නිසා තාවකාලිකව වසා දමා තිබු මාතලේ සෙම්බුවත්ත වැව සංචාරක ව්‍යාපෘතිය  දෙසැම්බර් 01 දින සිට නැවත සංචාරකයින් සදහා විවෘත කරන බව  ඇල්කඩුව වතු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රැඩ්ලි දිසාගේ  මහතා සඳහන් කළේය.
 
මෙහි පැමිණෙන සංචාරකයින් කොවිඩ් පැතිර යාමේ වැළැක්වීමේ නීතිරීති අනුව සංචාරය කළ යුතු බවත් අනිවාර්යෙන් මුව ආවරණ පැළඳ පැමිණිය යුතු බවත් අවශ්‍ය ආහාර පාන තමන් විසින්ම සපයා ගැනීම යෝග්‍ය බවත් දිසාගේ මහතා පැවසීය.