සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස් මුදලක් සමාගමේ රක්‍ෂණ ඔප්පු හිමියන් 197,131 වෙත පිරිනමා ඇති බවත් එයට සමාගමේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් එක් වරක් පමණක් පිරිනමනු ලබන විශේෂ බෝනස් මුදල් ප්‍රදානය ද අයත් බවත් එම සමාගම සඳහන් කරයි.
2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.7ක හෙවත් සියයට 37.27ක විශාල වර්ධනයක් නියෝජනය කරන ප්‍රකාශිත ප්‍රසාද දීමනා ගෙවීම මගින්, සමාගමේ මුල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබිඹු වන බැව් සමාගම කියයි. එසේම සෙලින්කෝ ලයිෆ් හි සාර්ථකත්වයෙන් ඔප්පුහිමියන් ප්‍රතිලාභ ලබාගැනීම පිළිබඳව තවත් උදාහරණයක්ද මෙමගින් නියෝජනය කරන බව, 2022 දී සිය වෙළෙඳපොළ නායකත්වයේ අඛණ්ඩ 19 වැනි වසර සැමරූ බවද සමාගම පවසයි.
‘මෙවැනි අභියෝගාත්මක කාලවලදී අපගේ ප්‍රසාද දීමනා සැලකිය යුතු ලෙස වැඩි කිරීමට අපට ඇති හැකියාව, සමාගමේ ආයෝජන කළමනාකරණ විශේෂඥතාවේ ගැඹුර අවධාරණය කරන අතර, දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු විශ්වාසයක්ද ඇති කරයි,’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම මෙම ප්‍රසාද දීමනා රක්‍ෂණ ඔප්පුහිමියන්ට හිමිකම් පෑමකදී ඔවුන්ගේ ජීවිත ආවරණය වැඩි කිරීමෙන් අමතර ආරක්‍ෂාවක්ද සපයන බැව්, රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
තිරසාර බව ප්‍රවර්ධනය කිරීමට සහ කඩදාසි නාස්තිය අවම කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් 35වැනි සංවත්සර ප්‍රසාද දීමනා ඇතුළත් වාර්ෂික බෝනස් සහතිකපත් මෙවර කෙටි පණිවුඩ හරහා විද්‍යුත් ප්‍රකාශ ලෙස යැවීමට කටයුතු යොදන ලදී. භෞතික ප්‍රකාශන තැපැල් කරනු ලැබුවේ කෙටි පණිවුඩ හරහා සම්බන්ධවීමට නොහැකි රක්‍ෂණ හිමියන්ට පමණි.
සෙලින්කෝ ලයිෆ් 2022 වසර අවසන් වූයේ රුපියල් බිලියන 191.5ක වත්කම්, රුපියල් බිලියන 45.63ක ඒකාබද්ධ ආදායමක්, රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත වාරික ආදායමක්, රුපියල් බිලියන 134.9ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 165.9ක ආයෝජන කළඹක් ද සමගිනි.
595