සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත් පිරිනමන ලද ‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ වැඩසටහනෙහි එම වසරේ හොඳම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත.
සමාගම විසින් හොඳම සංස්ථාපිත පාලන ක්‍රමවේද අනුගමනය කරමින් මූල්‍ය සහ මූල්‍ය නොවන යන දෙඅංශයෙන්ම තම පාර්ශ්වකරුවන්ට අගයක් එකතු කළ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙන ‘ඩිරිස්කින් ද ෆියුචර්’ (Derisking the Future) නමැති වාර්ෂික වාර්තාව සඳහා මෙම සම්මානය දිනාගෙන ඇත.
සම්මානලාභී සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව නිර්මිත වාර්තාකරණ රාමු වූයේ මූල්‍ය වාර්තාකරණය, සංකලිත වාර්තාකරණය, සංස්ථාපිත පාලන වාර්තාකරණය සහ තිරසාර වාර්තාකරණයයි. වාර්තාවේ මුද්‍රිත පිටපත් අඩු කිරීමේ උත්සාහයක් ලෙස, කොටස් හිමියන්ට සහ අනෙකුත් පාර්ශ්වවලට සමාගමේ වෙබ් අඩවියෙන් වාර්තාව බාගත කිරීමට හෝ QR කේතයක් ස්කෑන් කිරීමෙන් ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික උපාංග හරහා වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශ වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ලදී.
2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී.
-සටහන- චමින්ද මුණසිංහ