සොභාදහමේ අපූර්වත්වය මාතලේ - ලග්ගලට දිස්වන අයුරු


 

(ඉන්දික අරුණ කුමාර)


කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවු සමාජ දුරස්ථභාවය හමුවේ මාතලේ - ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක පාරිසරික වෙනස්කම් රැසක් ඇති වි ඇතැයි පරිසර සංවිධාන කියා සිටිති.

ඉපැරණි මෙන්ම පාරම්පරික ගම්මාන වන ලග්ගල- රණමුරේ,නාරංගමුව හා හල්මිනිය ගම්මානවල වෙනදා නොදකින පාරිසරික වෙනස්කම් අතරේ ගහකොල වර්ණ ගැන්වීම් මෙන්ම වාතලයට මිනිස් ක්‍රියාකාරකම් මුසු නොවීම හමුවේ පැහැදිලි ලෙස උස් කදු පංති මෙන්ම අහස්කුස ඉතා සෝභමානව දර්ශනය වීම මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ දී දැකගත හැකිය.

පරිසර සංවිධාන පෙන්වා දෙන ආකාරයට වෙනදා නොදුටු විශාල මකුළු විශේෂ රැසක් සිය ජනපද ඉදිකිරි ඉහත කි ගම්මානවල බහුලව මේ දිනවල දක්නට ලැබේ.

ඓතිහාසික කතාපුවත් රැසක් සගවාගත් ලග්ගල - රණමුරේදී දිස්වන අයුරුද මේ දිනවල ඉතා සෝභමානය.

පරිසර ලෝලීන්ගේ නෙත් සිත් පැහැරගන්නා මේ පාරම්පරික ගම්මානවල අද වන විට පවතින සුන්දර බව අප කැමරා කාචයේ සටහන් වූයේ මේ ආකාරයෙනි.