සෞඛ්‍ය සේවයත් ඩිජිටල්කරණයට සාකච්ඡා


(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල්කරණය සහ ඒ සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ඩිජිටල්කරණය ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස හඳුනා ගනිමින්, ඩිජිටල්කරණ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ඒ සදහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති (HIQI, HSEP, PHSEP) ක්‍රියාත්මක කිරීමත් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා සහයෝගී අවස්ථා ගවේෂණය කිරීමත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ මූලික කරුණු විය.