හජ් වන්දනාවට 3500කට අවස්ථාව


(අංජුල මහික වීරරත්න)

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

එම පිරිස ආයතන 88 කින් තෝරා ගන්නා බව කී අමාත්‍යවරයා හජ් කමිටුව විසින් ලකුණු දීමේ ක්‍රමවේදයකට අනුව අදාල ආයතන 88 තෝරාගෙන තිබෙන බව සඳහන් කළේය.

මෙම ආයතන 88 ට කෝටා ක්‍රමයක් යටතේ මෙම 3500 බෙදා දී තිබෙන බවත් යමක් කමක් තිබෙන අයම හජ් වන්දනාවේ යැවීමට මැදිහත් නොවී ආර්ථික අපහසුතා ඇති බස්නාහිර පළාතෙන් බැහැර දුරස්ථ ප්‍රදේශ වල අයටත් අවස්ථාව ලබා දෙන්නැයි එම ආයතන වලින් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යවරයා කීය.

මෙම 3500ක කෝටාව සාධාරණ අයුරින් බෙදා දෙනු ඇතැයි සිතන බවද විජිත හේරත්  මහතා මෙහිදී සඳහන් කළේය.