(අංජුල මහික වීරරත්න)
ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 9,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත්වීම වලක්වා ගැනීම පිණිස භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 9,000 ක් මිල දී ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 3 ක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන M/s ABC Pharma Services (Pvt) Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.