(දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)
අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව රුපියල් 2,000 ක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදි අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිලධාරින් අත්අඩංගවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මියගිය පුද්ගලයකුගේ මරණ සහතිකයක් ලබාගැනිම සදහා අදාල ඉල්ලුම් පත්‍රය පුරවා සහතික කිරිම සදහා පුද්ගලයකු ගෙන් රැපියල් 2,000 ක අල්ලස් මුදලක් ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂකවරයාත් අල්ලස් මුදල් ලබාගැනිම සදහා උපකාර කිරිමේ චෝදනාව මත ඔහුගේ සහායිකාවත් අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටි කාර්යාලයේදි මෙසේ අත්අඩඩංගුවට ගෙන තිබුණි.